පාසල් ගීතය
දැය සුරකින්නට සිහ නද පතුරා
දැහැමි දැයක් කල පුරතනේ
සුරවිරු රැසකගේ නිජ භූමිය වන්
කුංචුටු කෝරළ රන් පොළොවේ
එකමුතු වී අප ගොඩනැගු මිණි ටැඹ
අප විදුහල් මව රුවන්පුරේ
මිණි කැන් විහිදා නැණ ගොස පතුරා
ජය කොඩි බැදි ඒ ලක් දෙරණේ
සිප්සත දහරින් සිසු මන පුරවා
අප සැම යහ මග යැව් මාතා
ඔබේ නම සුරකිමු එඩි බව පෙන්වමු
බාධක සිද බිද පෙරට යමු
ජය හඩ පතුරමු
කිතු ගොස නංවමු
සැම දින විදු මව බබළවමු ..//